2013 වසරේ අග භාගයේ දී විවිධ ආපදාවන් නිසා තම නිවෙස් අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවසක් ඉඳි කරගෑනීමට මුදල් ආධාර ලබාදීම 2014-01-08 දින වලස්මුල්ල ප්රාදේශීය ලේකම් තුමා ප්රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සමාජ සේවා නිලධාරින් හා ආපදා
කලමණාකරන සංවර්ධන නිලධාරින්ද සහභාගි වන ලදී.
Wednesday, January 8, 2014
News 2014 January
චමල් රදපස සමරුම ජනතා ප්රණාම -2013 යටතේ අනවසර ඉඩම් ලාභීන් සඳහා බලපත්ර බෙදාදීම 2014-01-08 දින පස්වරුවේ වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදි ගරු කතානායක චමල් රාජපක්ෂ මෑතිතුමාගේ ප්රධානත්වයෙන්
පවත්වන ලදී.
මෙම අවස්ථාවට ගරු දකුණු පළාත් සභා මන්ත්රී කපිල දිසානායකc මහතා, අජිත් රාජපක්ෂ මහතා, කටුවන ප්රාදේශීය සභාවේ ගරු සභාපති මහින්ද ගමාච්චි මහතා, වීරකැටිය ප්රාදේශීය සභාවේ ගරු සභාපති තුමා හම්බන්තොට දිස්ත්රික් ලේකම් තුමා ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් විශාල ප්රමණයක් සහභාගි වනලදී.
වලස්මුල්ල ප්රාදේශිය ලේකම් තුමා , සහකාර ප්රාදේශිය ලේකම් තුමිය, ඈතුළු ඉඩම් අංශයේ නිලධාරින් එක්ව සංවිධානය කරන ලද මෙම බලපත්ර ප්රදානය කිරීමේ උතස්වයේදී ග්රාම නිලධාරින් ඈතුළු ක්ෂෙත්ර නිලධාරින්ගේ සේවය අගය කරන ලදී.
Subscribe to:
Posts (Atom)