Friday, October 19, 2012

සිත්තම්ගල්ලෙන ඇසළ මහා පූජෝත්සවය



සිත්තම්ගල්ලෙන ඇසළ මහා පූජෝත්සවය ඔක්තෝම්බර් 26


රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ 45 වන වරටත් පැවැත්වෙන ඇසළ මහා පූජෝත්සවය මෙවරත් 2012 ඔක්තෝම්බර් 26 දින ආරම්භ කිරීමට නියමිතය. මෙම පූජොත්සවය සංවිධානය කිරීම  සඳහා, වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලය, රාජ් නිලධාරින් හා දායක සභාව එක්රැස් කර හම්බන්තොට දිස්ත්රික් ලේකම් තුමාගේ ප්රදානත්වයෙන්   විශේෂ ‍රැස්වීමක් 2012-10-15 දින පස්වරුවේ සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේදී පවත්වන ලදී.


 සිත්තම්ගල්ලෙන ඇසළ මහා පූජෝත්සවය ඔක්තෝම්බර් 26

වලස්මුල්ල, රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ 45 වන වරටත් පැවැත්වෙන ඇසළ මහා පූජෝත්සවය මෙවරත් 2012 ඔක්තෝම්බර් 26 දින ආරම්භ කිරීමට නියමිතය ඇසළ මහා රන්දෝලි පෙරහර 30 වැනිදා සිත්තම්ගල්ලෙන ප්රධාන බස්නායක නිලමේ කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන් රාත්රී වීථි සංචාරය කැරේ.
ඇසළ මංගල්යයේ සෙසු අංග ලෙසින් 27දින දහවල් ශතාධික සංඝගත දක්ෂිණාවක් , රාත්රී විෂ්ණු දේවාල පෙරහර පැවැත්වේ. එමෙන් 28 වැනි දා රාත්රී 8.00 කතරගම දේවාල පෙරහර පැවැත්වේ. 29 වැනි දා රජ්ජුරු බණ්ඩාර දේවාල පෙරහර 31 වැනි දා රාත්රී 7.00 කෝල්මුර යාගය හා ගිනි පෑගීම පැවැත්වේ.

සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ ප්රධාන බස්නායක නිලමේ කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා පත්වීමෙන් අනතුරුව රාජ් අනුග්රහය යටතේ වඩාත් අභිමානවත් අයුරින් ඇසළ මහා පූජෝත්සවය පැවැත්වෙන අතර එයට සමගාමීව විහාරස්ථානයේ සහ අවට ප්රදේශයේ යටිතල පහසුකම් වල දියුණුවක් ඇතිකරන ලදී.

Thursday, October 11, 2012

වැඩිහිටි පුරවැසි උපහාර 2012


රම්මල විශ්ව ළමා දිනය 2012



විශ්ව ළමා දිනය සමරමින් රම්මලකන්ද ප්රාථමික විදුහලේ විශේෂ උත්සවයක්  2012 ඔක්තෝම්බර් 01 දින පවත්වන ලදී.  විදුහල්පතිණි ඩබ්.එම්. විජිතා මහත්මියගේ ප්රදානත්වයෙන් පවත්වන ලද මෙම උත්සවය සඳහා  වලස්මුල්ල අධ්යාපන කර්යලයේ හා ප්රදේශයේ සම්භාවනීය අමුත්තන් රාශියක් සභාගි වූහ.