දෙ‍ටුසවි වැඩිහිටි සමාජය

රම්මල වැඩිහිටි උපහාර  2012
රම්මල දෙටුසවි වැඩිහිටි සමාජය , මිණිමුතු ළමාසමාජය, සමෘද්ධි බලකාය එක්ව සංවිධානය කල වැඩිහිටි උපහාර වැඩසටහනක්  රම්මල ග්රාමනිලධාරි කාර්යාලයේදී 2012 ඔක්තෝම්බර් 14 ඉරිදා පෙ.. 9.00 ආරම්භ විය. රම්මල ග්රාම නිලධාරි, ..නි. කෘ..නි.. , අභ්යාසලාභි උපාධිධාරින් හා ගමේ ළමා, තරුණ, වැඩිහිටි ප්රජාවගේ සහභාගිත්වයෙන් පැවති මෙම පිංකම සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස වලස්මුල්ල ප්රා.ලේ. කාර්යාලයේ ළමා  හිමිකම් ප්රවර්ධන නිලධාරිනි අජන්තා දමයන්ති මහත්මිය සහභාගි වූවාය. ප්රජා දැනුවත් කිරීම් වලින් අනතුරුව අප  ප්රදේශයට සිත්තම්ගල්ලෙන රජාමහා විහාරස්ථානයේ ඇසල මහා පෙරහර ආරම්භයේ සිටම පහතරට හේවිසි කංඩායමේ නායකත්වය ගෙන ක්රියාකරමින් පෙරහර වර්ණවත් කල රම්මල පදිංචි කේ. පින්තේරිස් මහතාට තිළිණයන් ලබාදෙමින් උපහාර දක්වන ලදී. අනතුරුව වැඩිහිටි සැමට දන් පිලිගන්වමින් පිරිකරද පූජා කරන ලදී.



 වැඩිහිටි සමාජයේ ගරු ලේකම් විල්බට් මහතා ප්‍රජාව දැනුවත් කරමින්


 රම්මල මිණිමුතු ළමා සමාජයේ මල්ශා මාධවීගෙන් දෙමාපියන්ට වචනයක්

 



 වැඩිහිටි හැඳුණුම්පත් ප්‍රදානය කරමින්

 

 කලාකරු කේ පිංතේරිස් මහතාට ඇඳුම් පිලිගන්වමින්

 
 කලාකරු කේ පිංතේරිස් මහතාට වියලි ආහාර ද්‍රව්‍යයන් පිලිගන්වමින්