Friday, January 4, 2013

සමුගැන්ම



 චිරං ජයතු, මැතිණියෙනි ගරු




පුරා වසර හයක් වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට කිසිදා අමතක නොවන සේවයක් ටු කරමින් වලස්මුල්ල,

ශ්රී ලංකාවේ හොඳම ප්රාදේශිය ලේකම් කාර්යාලය බවට ගොඩනෑංවූ ප්රාදේශිය ලේකම් දීපිකා කේ ගුණරත්න මැතිණිය මාලිම්බඩ ප්රාදේශිය ලේකම් ලෙස ස්ථාන මාරු ලබා ඇත.



එතුමියට උපහාර දක්වා සමුදීමේ උත්සවයක් 2013-01-04 දින වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලීය  ශ්රවනාගාරයේදී පවත්වන ලදී. ප්රාදේශිය ලේකම් කාර්යාලයට අනුබද්ධ සියළුම නිලධාරි හා සේවක පිරිස් එක හා සමානව සලකමින් විටෙක අභිමානවත් නායිකාවක් ලෙසින්ද, විටෙක සෙනෙහෙබර මවක් ලෙසින්ද, විටෙක කුළුපගු යෙහෙලියක ලෙසින්ද  කටයුතු කල මැයගේ  සමුගැන්ම අතිශය දුක්බර අවස්ථාවක් විය.