Thursday, October 2, 2014

සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහර 2014



 සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහර

2014





47 වන වරටත් පැවැත්වෙන ඓතිහාසික


සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහර


පූජෝත්සවය 2014 ඔක්තොම්බර් මස 04 දින


සිට ඔක්. 10 දින දක්වා  


උත්කර්ෂවත් ලෙස  පැවැත්වේ.






ඔක් 04 රාත්‍රී 9.00  

තිස්පැයේ පිරිත් දේශණය ආරම්භ කිරීම





ඔක් 05 රාත්‍රී 9.00  

ශ්‍රී විෂ්ණු දේවාළ පෙරහර වීථි සංචාරය කිරීම බස්නායක

නිළමේ විජිත මුණසිංහ මැතිතුමා ඇතුළු තලපත්කන්ද

ගම්වාසීන් විසිනි.



 
ඔක් 06 රාත්‍රී 9.00  


ශ්‍රී කතරගම දේවාළ පෙරහර වීථි සංචාරය කිරීම

බස්නායක නිළමේ ශ්‍රී මුණි චූලංග මලින්ද සිල්වා 
මැතිතුමා ඇතුළු පාතෙගම ගම්වාසීන් විසිනි.

 

 
ඔක් 07 රාත්‍රී 9.00

ශ්‍රී රජ්ජුරු බණ්ඩාර දේවාළ පෙරහර වීථි සංචාරය
 
කිරීම බස්නායක නිළමේ අජිත් කුමාර ජයවර්ධන මැතිතුමා
ඇතුළු වරාපිටිය ගම්වාසීන් විසිනි.
 


ඔක් 08 රාත්‍රී 9.30  

රන්දෝලි මහා පෙරහර ප්‍රධාන බස්නායක නිළමේ
 
කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මැතිතුමා ඇතුළු 
පෙරහර කමිටුව
 


ඔක් 09 රාත්‍රී 7.00  

දේව තොවිලය හෙවත් කෝල්මුර යාගය සහ ගි පෑගීම

 



ඔක් 10 උදේ 5.30         

දිය කැපීමේ මංගලයය





විශේෂයෙන් රම්මලකන්දට අධිගෘහිත 


බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට 


උපහාර පිණිස පවත්වන මෙම 


පින්කමේ අනුහසෙන් 


රම්මල වනාන්තරය සුරක්ෂිත වේවා. 


දොළ රක්ෂිත ආරක්ෂා වේවා.







Wednesday, January 8, 2014

නව නිවසක්



 2013 වසරේ අග භාගයේ දී විවිධ ආපදාවන් නිසා තම නිවෙස් අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවසක් ඉඳි කරගෑනීමට මුදල් ආධාර ලබාදීම 2014-01-08 දින වලස්මුල්ල ප්රාදේශීය ලේකම් තුමා ප්රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට සමාජ සේවා නිලධාරින් හා ආපදා කලමණාකරන සංවර්ධන නිලධාරින්ද සහභාගි වන ලදී.






News 2014 January



චමල් රදපස සමරුම ජනතා ප්රණාම -2013 යටතේ අනවසර ඉඩම් ලාභීන් සඳහා බලපත් බෙදාදීම 2014-01-08 දින පස්වරුවේ වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදි ගරු කතානායක චමල් රාජපක්ෂ මෑතිතුමාගේ ප්රධානත්වයෙන්   පවත්වන ලදී.
 

 මෙම අවස්ථාවට ගරු දකුණු පළාත් සභා මන්ත්රී කපිල දිසානායකc මහතා, අජිත් රාජපක්ෂ මහතා, කටුවන ප්රාදේශීය සභාවේ ගරු සභාපති  මහින්ද ගමාච්චි මහතා, වීරකැටිය  ප්රාදේශීය සභාවේ ගරු සභාපති තුමා හම්බන්තොට දිස්ත්රික් ලේකම් තුමා ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් විශාල ප්රමණයක් සහභාගි වනලදී.


 වලස්මුල්ල ප්රාදේශිය ලේකම් තුමා , සහකාර ප්රාදේශිය ලේකම් තුමිය, ඈතුළු ඉඩම් අංශයේ නිලධාරින් එක්ව සංවිධානය කරන ලද මෙම බලපත් ප්රදානය කිරීමේ උතස්වයේදී ග්රාම නිලධාරින් ඈතුළු ක්ෂෙත් නිලධාරින්ගේ සේවය අගය කරන ලදී.