Sunday, October 27, 2013

රම්මල් දෙවියනි සිත්තම්ගල්ලෙන 2013

රම්මල් දෙවියනි සිත්තම්ගල්ලෙන 2013

රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ 2013 ඈසළ පූජොත්සවය පසුගිය 21 දින දේව දානයෙන් හා දිය කෑපීමෙන් නිමාවට පත්විය. ප්‍රධාන බස්නායක නිලමේ, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතාගේ සංවිධාන ශක්තියෙන් රාජ‍ය අනුග්‍රහය උපරිම අයුරින් ලබා ගනිමින් ප්‍රදේශයට ඉමහත් වටිනාකමක් ලබා දෙමින් උත්කර්ෂවත් අයුරුන් මෙම පූජොත්සවය සංවිධානය කර තිබුනි.



 ආරම්භක විෂ්ණු දේව පෙරහර සංවිධානය කර තිබුනේ බස්නායක නිලමේ තෑන්පත්  
 විජිත මුණසිංහ මෑතිතුමාගේ ප්‍රධානත්වයෙන් තලපත්කන්ද ප්‍රදේශවාසීන් විසිනි.

මෙවර ස්වාධීන රුපවාහිනියේ සවනට රෑස් පොඅදා වෑඩසටහන් විකාශණය වූයේද සිත්තම්ගල්ලෙන ඉහළ විහාර මළුවේ සිටයි.
 
 සිත්තම්ගල්ල හා බෑඳුණු අපේ ගමේ ප්‍රධාන චරිතය වූයේ නිහාල් නන්දන සමරසිංහ මහතායි. සෑම කටයුත්තක්ම මනාව සම්බන්ධීකරණය කරමින් දායක සභාවේ සභාපති ධූරය හොබවමින් කටයුතු කරන මෙතුමාගේ අමිල සේවයට අපේ උපහාරය පුදකර සිටිමු.



 රන්දොලි පෙරහරේ විශේෂ රංගනයක්


ප්‍රධාන බස්නායක නිලමේ කිත්සිරි ගංගානාත් අබේගුණ වර්ධන මහතා රන්දොලි පෙරහරේ ගමන් කරමින්





Tuesday, October 15, 2013

ආපදා සහන සේවා

රම්මල රන්කෑකුළු මුල් ළමා විය සංවර්ධන මධ‍යස්ථානයේ දරුවන් සඳහා කඳවුරු පුහුණුවක් 2013-10-11 දින පවත්වන ලදී.






ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් රම්මල මිණිමුතු ළමා සමාජය හා දෙටුසවි වැඩිහිටි සමාජය වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවිධ ප්රසංගය හා වැඩිහිටි දානය -2013-10-13 දින රම්මල ග්‍රාම නිලධාරි කාර්යාලයේදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී. මේ අවස්ථාවට ප්රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් වැඩිහිටි නිලධාරිනි අමිතා මහත්මිය සහභාගිවන ලදී.
 
 



 

රම්මල රන්කෑකුළු

ආපදා සහන සේවා


-->
ආපදා සහන සේවා

වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ විවිධ ආපදාවන් නිසා හානියට පත් නිවාස සඳහා ආපදා සහනාධාර ලබාදීම ගරු ආපදා කලමනාකරණ ගරු අමාත් මහින්ද අමරවීර මැතිතුමගේ ප්රධානත්වයෙන් 2013-10-07 දින් ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පවත්වන ලදී මේ අවස්ථාවට ගරු දකුණු පළාත් සභා මන්ත්රී ගුනසෙන මැතිතුමා, ප්රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගිවන ලදී.


2013 වසරේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ අතර ගායනා, නර්තන, කථික, නිවේදන, චිත් හා නාට් තරඟ 2013-10-07 දින් ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පවත්වන ලදී
















Friday, October 11, 2013

ඓතිහාසික සිත්තම්ගල්ලෙන ඇසළ මහ ‍පෙරහර 2013

ඓතිහාසික සිත්තම්ගල්ලෙන 

ඇසළ මහ ‍පෙරහර  2013

      හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ 46 වැනි වරටත් පවත්වන ඇසළ මහා පූජෝත්සවය හා සංස්කෘතික මංගල්‍යය ඔක්තෝබර් 15 දින සිට 21 වැනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම පෙරහැර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය අගලබඩ පියසිරි නායක හිමියන්ගේ හා කෘත්‍යාධිකාරි පූජ්‍ය කිරම ගුණරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රධාන බස්නායක නිලමේ, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ඇතුළු දායක සභාව ප්‍රමුඛ ප්‍රදේශවාසීන් මෙහි සංවිධාන කටයුතු සඳහා දායක වී ඇත.