Friday, October 16, 2015

සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහර 2016


සිත්තම්ගල්ලෙන 


ඇසළ මහා පෙරහර  2016








49 වන වරටත් පැවැත්වෙන 

ඓතිහාසික සිත්තම්ගල්ලෙන ඇසළ මහා පෙරහර පූජෝත්සවය
  
2016 ඔක්තොම්බර් මස 11 දින සිට ඔක්. 18 දින දක්වා

උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.








විශේෂයෙන් රම්මලකන්දට අධිගෘහිත බටහිර රජ්ජුරු බණ්ඩාර 

දෙවියන්ට උපහාර පිණිස පවත්වන මෙම පින්කමේ 

අනුහසෙන් රම්මලකන්ද වනාන්තරය සුරක්ෂිත වේවා.



දොළ රක්ෂිත ආරක්ෂා වේවා.

මේ සුන්දර පරිසරය සුරකින්නට සෑමගේ සිත් යොමු වේවා.....






රුහුණු ගිරුවාපත්තුවේ ඉහළින්


පුද ලබන සිත්තම්ගල්ලේ 



රජ්ජුරුබණ්ඩාර දෙවියෝ


හම්බන්තොට, වලස්මුල්ල ඓතිහාසික සිත්තම්ගල්ලෙන විහාරස්ථානයේ 48 වැනි වරට පවත්වනු ලබන ඇසළ මහා පූජෝත්සවය මේ මස 23 සිට 29 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.





විහාරස්ථානයේ ප්‍රධාන බස්නායක නිළමේ ජාත්‍යන්තර සම්මාන ලාභී විද්‍යාඥ මහාචාර්ය මහින්ද පාතෙගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේවාල නිලමේවරුන්, පරිවාර නිලමේවරුන්ද පිරිවරාගෙන රන්දෝලි පෙරහර මේ මස 27 වැනිදා රාත්‍රි විථි සංචාරය කෙරේ.



දින 7ක් පැවැත්වෙන මේ මහා කලා මංගල්‍ය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන අතරම සනීපාරක්ෂක, ප්‍රවාහන පහසුකම්, ජලය ඇතුළු අනෙකුත් පහසුකම් රැසක් උපරිම මට්ටමින් සකස් කර ඇත.



රන්දෝලි පෙරහර සඳහා උඩරට, පහතරට, සබරගමු නර්තන හා අලි ඇතුන්ගෙන් සමන්විත පැවැත්වේ.



කතරගම දෙවියන් හැරුණු කල රුහුණු ගිරුවාපත්තුවේ සිත්තම්ගල්ලේ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ද ඉතා ඉහළින් පුද පූජා ලබන දකුණු පළාතේ වැඩවසන මහානුභාව සම්පන්න දෙවියෙකි. ඉපැරැණි රුහුණේ ගොවියන් සිය ධාන්‍ය අස්වනු සශ්‍රීක කරගැනීමටත්, කිතුල් මල් මදින්නන්ගේ තෙලි දිය සරු කරලීමටත් සිත්තම්ගල රජ්ජුරුබණ්ඩාර දෙවොලට ගොස් පඬුරු බැන්දේ දැඩි විශ්වාසයකින් හා ආසාවකිනි.

වර්ෂ 1968 දී සිත්තම්ගලු රජ්ජුරුබණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස දිද්දෙණිපොත පේමරතන නාහිමි දවස ආරම්භ කළ මේ පෙරහර අද වන විට 46 වැනි වසරටද පැමිණ ඇත. මේ ප්‍රදේශයේ ජීවත් වූ මද්දුමාගේ සියදෝරිස් වෙද මහතාට දිනක් සිහිනෙන් කීවේ සිත්තම්ගලු විහාරයට අරක්ගෙන සිටින රජ්ජුරුබණ්ඩාර දෙවියන් වෙනුවෙන් අලියෙක් සහිත පෙරහරක් පවත්වන ලෙසයි.



මේ කතාව එවකට සිත්තම්ගලු විහාරාධිපතිව වැඩ විසූ දිද්දෙණිපොත නාහිමිට දැන්වූ කල්හි උන්වහන්සේ ප්‍රකාශ කෙළේ පෙරහර සංවිධානය කරන ලෙසය. ඒ අන්දමින් මේ දෙවියන්ට උපහාර පිණිස මද්දුමාගේ සියදෝරිස් වෙද මහතාගේ මූලිකත්වයෙන් ගමේ උදවිය එක්රැස්ව අලියෙක් සහිත එක් දින මල් පෙරහරක් ලෙස පවත්වාගෙන ආ මේ පෙරහර වර්තමානය වන විට දින 07ක් තිස්සේ පවත්වන පෙරහරක් වශයෙන් සංවර්ධනය වී ඇත. වර්ෂ 1970 දී විවිධ සංස්කෘතික නර්තන අංගවලින් සමන්විතව පැවැත්වූ මේ පෙරහර වනාහි රුහුණු මහා කතරගම දේවාල පෙරහරට පසුව පවත්වන පරිවාර පෙරහරක් ලෙස වර්ධනය වී ඇත. උඩරට, සබරගමුව හා රුහුණේ ගැමි නර්තන කලාව ඉස්මතු වන සේ පෙළගස්වන මේ සිත්තම්ගල්ලෙන ඓතිහාසික පෙරහර අද ගිරුවාපත්තුවටම අභිමානයකි.

1920 දශකයේදී මෙම ගල්ලෙන විහාරයේ විහාරාධිපති ලෙස වැඩ විසූ අගලකඩ සෝභිත නාහිමි මෙහි ඉහළ හා පහළ විහාරවල ජරාවාස වී තිබූ ප්‍රතිමා ප්‍රතිසංස්කරණය අරඹා ඇත. අතීතයේ මෙහි පැවැති සිතුවම්ද ස්වාභාවික හේතු මඟින් විනාශ වී ඇත. අද වුවද පහළ ලෙන් විහාරයේ කටාරමට යටින් ජීර්ණ වූ පැරැණි සිතුවම් පෙළක් දැකීමට හැකිය. පෙර කාලයේ මෙහි ලෙන්වල සිතුවම් කර තිබූ නිසාම සිතුවම් ගල්ලෙන වූ මෙම විහාරය පසු කාලයේ සිත්තම්ගල්ලෙන වශයෙන් හැඳින්වීය.



මෙවන් ඓතිහාසික තත්ත්වයක් නියෝජනය කරනු ලබන සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූ පෝරතොට ඉන්ද්‍රරතන නාහිමි වැනි භික්ෂුන් වහන්සේගේ මඟ පෙන්වීම හා අනුශාසනා අනුවත් පෞරාණික සිරිත් අනුවත් රුහුණු ගිරුවාපත්තුවේ අද්විතීය රජමහා විහාරයක් ලෙස සංවර්ධන විය. රජ්ජුරුබණ්ඩාර දෙවියන්ට ගෞරව පිණිස වර්ෂ 1968 දී ආරම්භ කළ සිත්තම්ගලු ඇසළ පෙරහර 48 වැනි වර වන මේ වර්ෂය අති උත්කර්ෂයෙන් පැවැත්වීමට වත්මන් විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍රපති අගලකඩ පියසිරි නාහිමියන්ගේ හා විහාරාධිකාරී පූජ්‍ය කිරම ගුණරතන හිමි සහ කටුගම්පොත වංගීස හිමි යන විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක සභාව සියලු විධි විධාන සලසා ඇත.



රුහුණේ සාම්ප්‍රදායික නැටුම් අංගවලින් යුතුව බටහිර රජ්ජුරුබණ්ඩාර හා පත්තිනි මෑණියන් ආදී දෙවිවරු අරමුණු කර රුහුණු ඇතුළු සමස්ත රටේ බත බුලත සහ ගහ කොළේ ආදායම සරු වේවා යන පැතුමෙන් සිදුකරනු ලබන චිරාගත කෝල්මුර යාගයද මේ උත්සවයේ සුවිශේෂ අංගයකි.



මෙම කෝල්මුර යාගය අවසානයේ අළු කෙසෙල් ගෙඩි මැල්ලුම සහිත බතද අලුයමවෙලේ බැතිමතුන් අතරේ බෙදාදීම ද අතීතයේ සිට පැවත එන්නකි. පෙරහර උළෙල නිමාවූ බව දිය කැපීමෙන් සංකේතවත් කිරීමද මෙම පෙරහර උත්සවයේ අවසාන අංගය වේ.






























1 comment: