Monday, April 16, 2012

රන්මුතු බක්මහ උළෙල 2012


රම්මල වරාපිටිය රන්මුතු ළමා සමාජය දෙවන වරට  සංවිධානය කරන ලද බක්මහ උළෙල 2012-04-16 දින රම්මල වරාපිටිය වැව් ඉස්මතේදී පවත්වන ලදී.



Friday, April 13, 2012

Happy New Year 2012




2012 සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර


අලුත් අවුරුදු උදාව 

අප්‍රේල් මස 13 වන සිකුරාදා  අපර භාග 07.20ට 

අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සිකුරාදා  අපර භාග 12.56  සිට අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01.44 දක්වා (අප්‍රේල් මස 13 වෙනිදා මධ්‍යම රාත්‍රී 01.44) දක්වා පූණ්‍ය කාලය බැවින්, 13 වන සිකුරාදා අපර භාග 12.56ට  පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 13 වන දින අපර භාග 07. 20 සිට 14 වන දින පූර්ව භාග 01.44 දක්වා  පහත දැක්වෙන අයුරු වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 07.42ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර  කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.


වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 10.28ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.


හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන ඉරිදා පූර්ව භාග 07.08ට රන්වන් පැහැති  වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග  පත් ද තබා  තෙල් සහ  ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වන බදාදා පූර්ව භාග  06.22ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර බටහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත් ව යෑම මැනවි.


සේවා අවශ්‍යතා සඳහා රැකියාවට පිටත්ව යෑම
අප්‍රේල් මස 16 වන සඳුදා පූර්ව භාග 06.31ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක් අනුභව කර දකුණු දිසාව බලා රැකී රක්ෂා සදහා පිටත් ව යෑම මැනවි.




සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස් ව භාවිත කළ හැකිය.






rMml vr`Óçy 
rNËó ]m` sm`jy sAì[`ny krn

]m` bKmh u@]l
a@×L 16 qvs Õr` vr`Óçy v#V iSmW@WÙ....




Monday, April 2, 2012

Rammala News

වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වරාපිටිය කලාපයට අයත් පෙර පාසල් 13 ක පමන  දරුවන්හට අධ්‍යාපනික උපකරන ප්‍රදානය කිරීම 2012-04-01 ඉරු දින පස්වරුවේ රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහරස්ථානයෙදී සිදුකරන ලදී. හම්බන්තොට ධිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තාරුන්‍යට හෙටක් සංවිධානයේ නිර්මාතෘ නාමල් රාජපක්ෂ මැතිතුමා වාර්ෂිකව සිදුකරනු ලබන මෙම සමාජ සත්කාරක වැඩසටහන සදහා ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් ඇතුලු දහසකට ආසන්න පිරිසක් සහභාගි වන ලදී.