Thursday, November 1, 2012

දිවි නැඟුම ජාතික වැඩසටහන සිවුවැනි අදියර

දිවි නැඟුම ජාතික වැඩසටහන සිවුවැනි අදියර

රටේ ආර්ථික සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගෙනයාම සහ සියලු ජන කොටස්වල ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව දිවි නැඟුම ජාතික වැඩසටහනේ සිවුවැනි අදියර ක්රියාවට නංවමින් දීප ව්යාප්තව බීජ හා රෝපණ ද්රව් සිටුවීමේ ජාතික වැඩසටහන අද (25) ආරම්භ වේ.

රම්මල් දෙවියනි සිත්තම්ගල්ලෙන 2012



රම්මල් දෙවියනි සිත්තම්ගල්ලෙන 2012

රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථනයේ වාර්ෂිකව පවත්වාගෙන් එනු ලබන ඇසළ පූජෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. විශේෂයෙන් රම්මලකන්දට අධිගෘහිත රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර දක්වමින් පවත්වනු ලබන මෙම පූජෝත්සවය වර්ණවත් කරමින් දින 04 ක් පුරා පෙරහර  ඉහළ විහාරයේ සිට වරාපිටිය වැව් ඉස්මත්තේ පිහිටා ඇති රත්නායක මද්දුම මහතාගේ දේවාලය දක්වා වීථි සංචාරය කරන ලදී

 ඔක්. 26 දින රාත්‍රී පරිත්‍රාන පිරිත් දම් දෙසුම සඳහා මහා සංඝ රත්නය වැඩම කරවමින්..

 
 රම්මල් දෙවියනි, සිත්තම්ගල්ලෙන. 2012  
සිත්තම්ගල්ලෙන ඇසළ පූජෝත්සවයේ රම්මල රජ්ජුරුබණ්ඩාර දෙවියන් උදෙසා ඔක්තෝම්බර 29 පොහොය දිනයෙ පවත්වනු ලබන රජ්ජුරු බණ්ඩාර දේව පෙරහරට  සමගාමීව රම්මල ග්රාම නිළධාරි කාර්යාලයේදී රම්මල තරුණ බෞද්ධ සමිතිය මගින් රජ්ජුරුබණ්ඩාර දෙවියන් උපහාර පිණිස කහබත් දන්සලක් සංවිධනය කරන ලදී.





ඔක්තෝම්බර 29 පොහොය දිනයෙ රජ්ජුරුබණ්ඩාර දේව පෙරහර  තඹුත්තේගම අජිත් ජයවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් වරාපිටිය ගම්වාසීන් සමඟ සංවිධනය කරන ලදී.
 



බස්නායක නිලමේ තැන්පත් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මහතාගේ ප්රධානත්වයෙන් ඔක්. 30 දින රංදෝලි පෙරහර උඩරට පහත රට හා සබරගමු නැටුම් හා සංස්කෘතික අංග සහිතව අභිමානවත් අයුරින් සංවිධානය කර තිබුනි.

 
 රන්දෝලාව සමගින් කිරි මව්වරුන්

අපේ ගම හා විහාරස්ථානය ඉහළට ඔසවා තබන මෙම ඇසළ පූජෝත්සවය සංවිධානය කිරීමට ඇප කැප වූ සියළු දෙනාටමත් විශේෂයෙන් ඉහළම රාජ් අනුග්රහයක් ලබාදීමට කටයුතු කර ඇති මහජන නියොජිතයන් සැමටත්, මේ කාලය පුරාවට වෙහෙස මහන්සිව කටයුතු කල ජනාධිපති ලේකම් කාර්යාලයේ සැමටත්, හම්බන්තොට දිස්ත්රික් ලේකම් තුමා, වලස්මුල්ල ප්රාදේශිය ලේකම් තුමිය ඇතුළු රාජ් නිළධාරින් සැමටත් අප ප්රදේශවාසීන්ගේ ගෞරවනීය ස්තුතිය  පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි.