රම්මල් පුවත්

එක ගමකට එක වැඩක්

මෙරට ගම් 14019 ක් එකම වකවානුවේදී සංවර්ධනය කරන එක ගමකට එක වැඩක්වැඩ සටහන  2012-03-23 සිකුරාදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරගම වෑවිට දී ආරම්භ විය. ගමේ අයගේ අදහස් අනුව ගම සංවර්ධනය කරන මෙම වැඩ සටහනට ආර්ථික සංවර්ධන අමාත්යාංශය රුපියල් දස ලක්ෂ 15000 කට අධික මුදලක් වැය කරයි.
මේ යටතේ මෙරට සියලු ග්රාම නිලධාරී වසම් එනම් ග්රාම නිලධාරී වසම් 14019 ක් සංවර්ධනය කරන බවත් ඉන් ප්රධාන ගම් 800 ක් පමණ උප නගර ලෙස දියුණුවට පත් කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්යාංශය පවසයි

මේ අනුව රම්මල ග්‍රා. නි. වසම සදහා පෙරපාසලක් ඉදිකිරීමට මුල්ගල් තැබීම  වලස්මුල්ල ප්‍රා.ලේකම් දීපිකා කේ. ගුනරත්න මැතිනියගේ ප්‍රධාත්වයෙන් රම්මල ග්‍රා. නි. වසමේදී සිදුකරන ලදී.





රුපියල් මිලියනයක් වැය කරමින් රම්මල විදුහල සඳහා  ඉදිකල පැතිබැම්ම 2012 ජනවාරි 13 දින ආපද කලමණාකරන ගරු අමත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගෙ සුරතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ගරු එච්.ඩබ්. ගුනසේන මැතිතුමාද සහභාගි වන ලදී.






රම්මල මිනිමුතු ළමා සමාජයේ ගරු ලේකම් හා හම්බන්තොට දිස්ත්‍රික් ළමා සභවේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ටෙක්ලා සෙව්වන්දි සිසුවිය විසින් විවිධ ආපදාවන්ට ලක්වන රම්මල පිලිබඳ අදහස් ප්‍රකශ කරන ලදී. විශේෂයෙන් රම්මල  ග්‍රාම නිලධාරි ඇතුලු අනෙකුත් රාජ්‍ය නිලධාරින් සඳහා ග්‍රාම ලේකම් කාර්යාලයක් ලබා දෙනලෙස ඉල්ලීමක් කලාය.




රම්මල මුල් ලමාවිය සංවර්ධන මධ‍යස්ථානයේ 2012 නව වසරට දරුවන් බාරදීම ජනවාරි 06 දින සුභ මොහොතින් සිදුකරන ලදි. මහජන බැංකුව මගින් ළමා ගිනුම් ආරම්භ කිරිමද මෙහිදී සිදුකරන ලදි.මෙම උත්සවය රම්මල මුල් ලමාවිය සංවර්ධන පදනම මගින් සංවිධානය කරන ලදි









සිත්තම්ගල්ලෙන ඇසළ මහා පූජෝත්සවය
මහ ඉහළින්...

 

 




හම්බන්තොට දිස්ත්රික්කයේ මුල්ගිරිගල ආසනයේ වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජ මහා විහාරස්ථානයේ 44 වැනි වරටත් පවත්වන ඇසළ මහා පූජෝත්සවය සහ සංස්කෘතික මංගල්යය ඔක්තෝබර් 8 දින සිට 14 දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර ඇත.
පුරා දින 07 ක් පැවැත්වෙන මෙම කලා මංගල්යය සඳහා ලක්ෂ 20 කට අධික බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කැරේ. ජනාධිපති කාර්යාලය ප්රමුඛ රාජ් හා පෞද්ගලික අංශයේ පූර්ණ අනුග්රහයෙන් පවත්වන මෙම පූජෝත්සවය සඳහා සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් පහසුකම් රැසක් උපරිම මට්ටමින් සකස් කර ඇත.
මේ පෙරහර සිත්තම්ගල්ලෙන රජ මහා විහාරස්ථානාධිපති හම්බන්තර දිසාවේ ප්රධාන සංඝනායක අගලබඩ පියසිරි නාහිමියන්ගේ හා කෘත්යාධිකාරී පූජ් කිරම ගුණරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්රධාන බස්නායක නිලමේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ඇතුළු දායක සභාව ප්රමුඛ ප්රදේශවාසීන් ගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙයි.
ඔක්තෝබර් 8  දින සර්ව රාත්රීක පිරිත් දේශනය පවත්වා 09 දින සපිරිකර මහා සංඝගත දක්ෂිණාව පිරිනැමෙන අතර තලපත්කන්ද ගම්වාසීන් විසින් සංවිධානය කරනු ලබන ශ්රී විශ්ණු දේව පෙරහැර මෙදින සන්ධ්යා භාගයේ පැවැත්වීමට නියමිතය.
එමෙන් 10 වැනි දා රාත්රී දින රාත්රී කාලයෙහි පාතේගම ගම්වාසීන් විසින් සංවිධානය කරනු ලබන කතරගම දේව පෙරහර පැවැත්වෙන අතර 11 දා වරාපිටිය ගම්වාසීන් විසින් මෙහෙයවනු ලබන බටහිර රජුජුරු බණ්ඩාර දේව පෙරහර අලංකාර අන්දමින් පැවැත්වෙයි.
 
උඩරට පහතරට නැටුම් - කෙළි සෙල්ලම් අලි ඇතුන් සහිත විශේෂාංග රැසකින් සමන්විතව ඔක්තෝබර් 12 දින රාත්රී ඇසළ මහා පූජෝත්සවයේ රන්දෝලි මහා පෙරහර ප්රධාන බස්නායක නිලමේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් වීදි සංචාරය කෙරේ. 13 වැනි දා රාත්රී 7.00 කෝල්මුර යාගය හා ගිනි පෑගීම පැවැත්වේ. 14 දා අලුයම දිය කැපීමෙන් හා මහා දේව දානයෙන් ඇසළ මංගල්යය නිමාවට පත්වේ

වැදි ජන නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු වැදි ජනතාව සහභාගි වීම මෙවර පෙරහරේ විශේෂත්වයක් වන බව සිත්තම්ගල්ලෙන ප්රධාන බස්නායක නිලමේ කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා පවසයි.
 
මෙම ඇසළ මහා පූජෝත්සවය සංවිධානය කිරීම පිලිබදව රාජ්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් ඔක්තෝබර් 03 දින වලස්මුල්ල දේශීය ලේකම් දීපිකා කේ.ගුණරත්න මහත්මියගේ පධානත්වයෙන් සිත්තම්ගල්ලෙන රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.