යෝජනා හා චෝදනා

රම්මල සඳහා ග්‍රාම ලේකම් කාර්යලයක්


         රම්මල ග්‍රාම නිලධාරි වසම තුල රජයේ වැඩ සඳහා වෙන්කල ඉඩම් බොහො ඇති අතර විශාල වශයෙන් රජයෙ මුදල් වැයකර තනා ඇති ගොඩනැගිලිද ඇත. මේවා ප්‍රයොජනයට නොගෙන පාළුවට පත්වෙමින් පවතී. එහෙත් රම්මල ග්‍රාම නිලධාරි කාර්යලය පවත්වා ගෙනයනු ලබන්නෙ දලු මඩුව නමින් හඳුන්වනු ලබන ගොඩනැගිල්ලකය.වැසි සුලං ග්‍රහනයට හසුවෙමින් වේයන් මීයන් වැනි සතුන්ගෙන් බහුල මෙම ස්ථානයෙ කාර්යාලය පවත්වා ගෙනයාම අපහසු තත්වයක ඇත. 

             එසේම රම්මල ස.ස.නිලධාරි හා කෘ.ප.නි.ස. නිලධාරි සඳහාද කාර්යාල පහසුකම් නැත. අපට මේ  ප්‍රයොජනයට නොගෙන පාළුවට පත්වෙමින් පත්වෙමින් පවතින රජයේ ගොඩනැගිල්ලක් අපේ කාර්යාල එකම ස්ථානයක පවත්වාගෙන යන්නට ලබාදෙන්නේ නම් හෝ රම්මල සඳහා ග්‍රාම ලේකම් කාර්යලයක් ලබාදෙන්නේ නම් කොපමන අගනේද ?


   මුලින් කලයුතු දේ අනේඅග 
                                කොටසෙ දී වත් සිදුකෙරේවා
    අපට ඉන්නට මඩු නොවේ හොඳ 
                                        මාලිගාවක්….  පහලවේවා
    යන්න එන්නට කඳු නගින්නට…. 
                               යතුරු පැදියක්….   වත් ලැබේවා
    රම්මලේ දෙවියනේ…. මේ දුක 
                           නිවන්නට …..      සිත් පහල වේවා