Tuesday, October 15, 2013

ආපදා සහන සේවා

රම්මල රන්කෑකුළු මුල් ළමා විය සංවර්ධන මධ‍යස්ථානයේ දරුවන් සඳහා කඳවුරු පුහුණුවක් 2013-10-11 දින පවත්වන ලදී.






ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් රම්මල මිණිමුතු ළමා සමාජය හා දෙටුසවි වැඩිහිටි සමාජය වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවිධ ප්රසංගය හා වැඩිහිටි දානය -2013-10-13 දින රම්මල ග්‍රාම නිලධාරි කාර්යාලයේදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී. මේ අවස්ථාවට ප්රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් වැඩිහිටි නිලධාරිනි අමිතා මහත්මිය සහභාගිවන ලදී.
 
 



 

රම්මල රන්කෑකුළු

ආපදා සහන සේවා


-->
ආපදා සහන සේවා

වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ විවිධ ආපදාවන් නිසා හානියට පත් නිවාස සඳහා ආපදා සහනාධාර ලබාදීම ගරු ආපදා කලමනාකරණ ගරු අමාත් මහින්ද අමරවීර මැතිතුමගේ ප්රධානත්වයෙන් 2013-10-07 දින් ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පවත්වන ලදී මේ අවස්ථාවට ගරු දකුණු පළාත් සභා මන්ත්රී ගුනසෙන මැතිතුමා, ප්රාදේශීය ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගිවන ලදී.


2013 වසරේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ අතර ගායනා, නර්තන, කථික, නිවේදන, චිත් හා නාට් තරඟ 2013-10-07 දින් ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී පවත්වන ලදී
















Friday, October 11, 2013

ඓතිහාසික සිත්තම්ගල්ලෙන ඇසළ මහ ‍පෙරහර 2013

ඓතිහාසික සිත්තම්ගල්ලෙන 

ඇසළ මහ ‍පෙරහර  2013

      හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ 46 වැනි වරටත් පවත්වන ඇසළ මහා පූජෝත්සවය හා සංස්කෘතික මංගල්‍යය ඔක්තෝබර් 15 දින සිට 21 වැනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම පෙරහැර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ, ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය අගලබඩ පියසිරි නායක හිමියන්ගේ හා කෘත්‍යාධිකාරි පූජ්‍ය කිරම ගුණරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රධාන බස්නායක නිලමේ, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ඇතුළු දායක සභාව ප්‍රමුඛ ප්‍රදේශවාසීන් මෙහි සංවිධාන කටයුතු සඳහා දායක වී ඇත.

 

 

Thursday, June 6, 2013

ගී රස වින්දන වැඩසටහන

ගී රස වින්දන වැඩසටහන

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා ගී රස වින්දනාත්මක වැඩසටහනක් සංස්කෘතික අමාත‍යංශය මෙහෙයවීමෙන් 2013-05-28 ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායක ලෙස ප්‍රවීණ දේශක සෞන්දර්ය විශ්ව විද්යාලයේ ජේ්යෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා සහ රංජන් වික්‍රමරත්න මහතා සහභාගි විය. එම අවස්ථාවට සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි සිසිර කුමාර මහතා, ප්‍රාදේශීය ලේකම් දර්ශණ වික්‍රමආරච්චි, සහකාර ප්‍රාදේශීය ලේකම් යූ සඳමාලි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය
 




Monday, May 27, 2013

 ලේ දන්දෙමු. දිවි සුරකිමු 2013

වලස්මුල්ල , රම්මල වරාපිටිය ප්‍රගති ප්‍රජා සේවා පදනම වාර්ෂිකව වෙසක් පොහොය නිමිත්තෙන් ලේ දන්දීමේ වෑඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මෙවර දසවන වරටත් මෑයි 25 දින වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයෙදී සර්ථක ලෙස පවත්වන ලදී. රුධිර පරිත‍යාගශීලින් 146 දෙනෙක් එහිදී ලේ දන්දෙන ලදී



තවත් තොරතුරුwarapitiyapragathi












Friday, March 15, 2013

2013-03-15

 -->



-->
නව ප්‍රාදේශිය ලේකම් තුමා සාදරයෙන් පිලිගනිමු.............
-->
 පසුගියදා වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහා අළුතින් පත්වප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි මහතා කොට්ඨාශයේ සංචාරයක යෙදෙමින් රම්මල හා සපුතන්තිරිකන්ද ග්‍රාම නිලධාරි වසම් වලටද පැමිණෙන ලදී. රම්මල ආරණ් සෙනාසනධිපති හිමියන් බහැදකිමින් උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්හ.






 
අපේ ඉඩමටත් ඔප්පුවක්....


-->
වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මෙතෙක් හිමිකම් පතක් නොලැබුණු, දිගු කලක් අනවසර පදිංචි කරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2013-02-28 දින වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ. වික්රමාඅරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වන ලදී.








හොඳම දේ දරුවන්ට
පාතෙගම ප්රාතමික විදුහලේ නව ගුරු නිවස, පානීය ජල ව්යාපෘතිය හා විදුහල් ගොඩනැගිලි දැල් ගසා ප්රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ගුරු සිසු අයිතියට පැවරීම පසුගියදා විදුහල්පති කේ වීරසිංහ මහතාගේ ආරාධනයෙන් වලස්මුල්ල කලාප අධ්යක්ෂ තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය.





-->
අපේ පාර හදා දෙන්න


වරාපිටිය සිට හඳුගල දක්වා දිවෙන ප්‍රදාන මාර්ගයේ තෑනින් තෑන විශාල වශයෙන් විනාශ වී ඈති නිසා බස් රථ ඈතුළු වාහන යන්නෙ ගොඩාක් අපහසුවෙන්. මේ මාර්ගය විශල වශයෙන් මුදල් වියදම් කර හෑදුවත් නෑවත නෑවතත් ටික කාලයකදීම ඒ තිබුණ තත්වයටම පත්වෙනවා. සිත්තම්ගල්ලෙන රාජාමහා විහාරස්ථානයේ වාර්ශිකව පවත්වන ඈසළ මහා පූජොත්සවයේ ගමම එකමුතුව, හොඳම පෙරහර පවත්වන්නේ පාතෙගම ජනතාවයි. විහාරස්ථානය වටේම් කොන්ක්‍රිට් ඈතිරුවත් පාතෙගම ජනතාවට පෙරහර කරන්නවත් මේ මාර්ගය සාදා නොදෙන බවට වසර කීපයකම සිට මෑසිවිලි නගති.


-->
වලස්මුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලවරණය පසුගියදා ප්‍රා.ලේ.කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ. වික්‍රමාඅරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.